තලතා අස්වීමේ ලිපිය භාර දී නෑ – මීළඟ මන්ත්‍රීවරයා පත්කිරීම ගැටලුවක

තලතා අස්වීමේ ලිපිය භාර දී නෑ – මීළඟ මන්ත්‍රීවරයා පත්කිරීම ගැටලුවක

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය ඉල්ලා අස්වන බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළද ඒ බව කතානායකවරයාට ඊයෙ දිනය වන විටත් නිල වශයෙන් දැනුම් නොදීම හේතුවෙන් මීළඟ මන්ත්‍රීවරයා පත්කිරීම ගැටලුවක්වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කළේ තලතා අතුකෝරල මහත්මිය සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී නැති හෙයින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී පුරප්පාඩුව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දීමට නොහැකිවී ඇති බවයි.

අතුකෝරළ මහත්මිය පාර්ලිමේන්තුවේදී පෙරේදා දීර්ඝ ප්‍රකාශයක් කරමින් සිය මන්ත්‍රී ධූරයෙන් ඉවත්වන බව සඳහන් කළාය.

තලතා අතුකෝරළ මහත්මියගේ අස්වීමෙන් පුරප්පාඩු වන සමග ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා කරුණාරත්න පරණවිතාන මහතා පත් කිරීමට නියමිත බව වාර්තාවේ.

අතුකෝරළ මහත්මියගෙන් පසු එම දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබාගෙන ඇත්තේ කරුණාරත්න පරණවිතාන මහතාය. ඔහු පසුගිය මහ මැතිවරණයේදී ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 36787කි