වසර 26කට පසු ශ්‍රී ලංකා පිල ඕවල් පිටියේ ලැබූ ටෙස්ට් ජය

වසර 26කට පසු ශ්‍රී ලංකා පිල ඕවල් පිටියේ ලැබූ ටෙස්ට් ජය

එංගලන්ත කණ්ඩායම සමග පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුළු 8කින් ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සමත් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕවල් ක්‍රීඩාංගණයේ මෙලෙස ජය වාර්තා කළේ වසර 26කට පසුවීම විශේෂත්වයකි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් ම පන්දු යැවීම තෝරා ගත්තා.

ඊට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 325ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 263ක් පමණි.

ඉන් අනතුරුව ලකුණු 62ක් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ එංගලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිමේ දී සියල්ලන් ම ලකුණු 156කට දැවී ගියේ ජයග්‍රහණයට ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 219ක ඉලක්කයක් ලබාදෙමින්.

ඒ අනුව ලකුණු 219ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිල කඩුළු 2ක් පමණක් දැවී එම ලකුණු සංඛ්‍යාව රැස්කර ගෙන තරගය ජය ගැනීමට සමත් වුණා.

ශ්‍රි ලංකා ජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රිඩා කළ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක නොදැවී ලකුණු 127ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ පන්දු 123කිනි. ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 13ක් ඇතුළත් වුණා.

මෙම ලකුණු සංඛ්‍යාව පැතුම්ගේ ටෙස්ට් දිවියේ ඔහු රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වනවා.

ඔහුට අනගි සහායක් ලබාදුන් ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 32ක් රැස්කළා.

ඔවුන් දෙදෙනා තුන්වැනි කඩුල්ල සඳහා රැස්කළ ලකුණු ගණන 111ක්.

ටෙස්ට් තරග 3කින් සමන්විත මෙම තරගාවලිය තරග 2ට 1ක් ලෙස එංගලන්ත කණ්ඩායම ගැනීමට සමත් වුණා.