ලංකා ගුරු සංගමයෙන් රතු එළියක්

ලංකා ගුරු සංගමයෙන් රතු එළියක්

එළඹෙන 26 වැනිදා ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹීමට ලංකා ගුරු සංගමය තීරණය කර තිබේ.

රජය පොරොන්දු වූ පරිදි ඉල්ලීම් ලබාදීමට පියවර නොගතහොත් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතු වලින් ඉවත් වීමට කටයුතු කරන බවයි, එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් පැවසුවේ.

කෙසේ වෙතත් ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා ඊයේ (18) පැවති උත්සවයකදී සඳහන් කළේ, වෘත්තීය ක්‍රියාමාර්ගවල ගුරුවරුන් නිරත වී සිටියත් වත්මන් සිසු පරපුර ඒ මත රැඳී නොසිට සිය අධ්‍යාපන අවශ්‍යතා සපුරාගනිමින් සිටින බවය.

මේ අතර සිය වැටුප් ගැටලුව සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමග පැවති සාකච්ඡා සුබවාදී බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.

එහි සම සභාපති ධම්මික ප්‍රියන්ත මහතා පැවසුවේ, වැටුප් ගැටලුවට නිසි විසඳුම් ලබාදීමට බලධාරීන්ට සතියක කාලයක් ලබාදෙන බවය.