බදු පිළිබඳ සියලු තොරතුරු මාධ්‍යට

බදු පිළිබඳ සියලු තොරතුරු මාධ්‍යට

බදු පිළිබඳ සියලු තොරතුරු අද (26) දිනයේදී හෙළිදරව් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මෙම වකවානුව තුළ හිඟ බදු අය කරගනිමින් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට කටයුතු කළ බවයි අමාත්‍යවරයා පවසන්නේ.

හිඟ බදු අය කරගැනීම සඳහා බැංකු ගිණුම් 900ක් පමණ මේ වනවිට නවත්වා ඇති අතර එම හිඟ බදු මුදල් අය කරගැනීමට පියවර ගනිමින් සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව අද (26) දිනයේදී බදු පිළිබඳ සියලු තොරතුරු මාධ්‍ය වෙත හෙළි කිරීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.