ටැටූ ආයතනයේ හිමිකරු ඇතුළු සැකකරුවන් අධිකරණයට

ටැටූ ආයතනයේ හිමිකරු ඇතුළු සැකකරුවන් අධිකරණයට

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි තබා දෙදෙනකු ඝාතනය කර තවත් සිව් දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු සැකකරුවන් හත් දෙනා අද (22) දැඩි ආරක්ෂක රැකවල් මැද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවේය.

එම සැකකරුවන් හත් දෙනා බන්ධනාගාරයට අයත් විශේෂ බස් රථයකින් රැගෙන ආ අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ද ලබා දී තිබිණි.

ජූලි 08 වනදා සිදුකළ එම වෙඩිතැබීමෙන් තවත් සිව් දෙනෙක් තුවාල ලැබූ අතර ජනප්‍රිය ගායන ශිල්පිනී කේ. සුජීවා ද ඒ අතර විය.