ටැටූ ෂොප් හිමිකරුගෙන් මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න කිරීම ගැන ඇමති ටිරාන්ගෙන් පොලිස් නිලධාරීන්ට අවවාද

ටැටූ ෂොප් හිමිකරුගෙන් මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න කිරීම ගැන ඇමති ටිරාන්ගෙන් පොලිස් නිලධාරීන්ට අවවාද

ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු අදාළ ටැටූ ආයතනයේ හිමිකරුගෙන් මාධ්‍ය ඉදිරියේ තබාගෙන ප්‍රශ්න කිරීමට සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පොලිස් ප්‍රධානීන්ට සහ බස්නාහිර දකුණු පළාත්භාර නියොජ්‍ය පොලිස්පති ගයන්ත මාරපන හට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා දැඩි ලෙස අවවාද කර තිබේ.

එහිදී බස්නාහිර දකුණු පළාත්භාර නියොජ්‍ය පොලිස්පති ගයන්ත මාරපන අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය ටිරාන් අලස් මහතාට සිය කනගාටුව ප්‍රකාශ කර තිබේ.

මින් ඉදිරියට එවැනි ක්‍රියාවක් සිදුනොවීමට වගබලා ගන්නා බවට ද නියෝජ්‍ය පොලිස්පතිවරයා පොරොන්දු වී ඇති බව වාර්තා වෙයි.