දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ සහය සජිත්ට

දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ සහය සජිත්ට

ජනාධිපතිවරණයේදී දෙමළ ප්‍රගතිශීලි සන්ධානය ප්‍රමුඛ දෙමළ දේශපාලන පක්ෂවල සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කර තිබේ.

දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ මේ වනවිට පැවැත්වෙන මාධ්‍ය හමුවේදී එහි නායක මනෝ ගනේෂන් මහතා මේ බව පැවසීය.

එම සන්ධානයේ නායක මනෝ ගනේෂන් මෙන්ම නියෝජ්‍ය නායකවරුන්වන පාර්ලිමේන්තු මන්ත්‍රි පී. දිගම්බරන් සහ වී. රාධ ක්‍රිෂ්ණන් ද මෙම මාධ්‍ය හමුවට එක්වී තිබේ.

“දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ දේශපාලන මණ්ඩලයේ ඒකමතික තීරණය අනුව අපි මෙවර ජනාධිපතිවරණය සඳහා අපේ සහාය සහ සම්පූර්ණ සහභාගීත්වය සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන බව ඉතා සතුටින් පවසන්න කැමතියි.

අපේ දේශපාලන මණ්ඩලයේ තීරණය අනුව සමගි ජන සන්ධානය සමග අවබෝධතා ගිවිසුමකට ඇවිල්ලා තියෙනවා.”