ජනාධිපතිවරණයට දමිළ පක්ෂවලින් පොදු අපේක්ෂකයෙක්

ජනාධිපතිවරණයට දමිළ පක්ෂවලින් පොදු අපේක්ෂකයෙක්

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා දමිළ පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ද්‍රවිඩ දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එකඟ වී තිබේ.

ඒ අනුව, ඊට අදාළ එකඟතාවයන් සම්බන්ධයෙන් වන ගිවිසුමකට අද (22) උදෑසන යාපනයේදී අත්සන් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා ජාතික සංධානය, ප්ලොට් සංවිධානය, ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ, ටෙලෝ සහ සිවිල් සංවිධාන ඇතුළු දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් ඒ සඳහා වූ ගිවිසුමට අත්සන් තබා තිබේ.

ඒ අනුව, නාමයෝජනා භාරදීමේ දිනයන් ප්‍රකාශයට පත් කළ පසු පොදු අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මෙම අවබෝධතා ගිවිසුමෙන් අනතුරුව ප්‍රචාරක කමිටුවක්, මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයක් සකස් කිරීමේ කමිටුවක් ඇතුළු විවිධ ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා කමිටුවක්ද පත් කෙරෙනු ඇති.