සුමති ධර්මවර්ධන ICC යේ ලොකු පුටුවකට

සුමති ධර්මවර්ධන ICC යේ ලොකු පුටුවකට

ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙක් ලෙස කටයුතු කරන සුමති ධර්මවර්ධන මහතා
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා ලෙස පත්කර තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ නොවැම්බර් මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පත්කිරීම සිදුකර ඇති බවයි.

2010 වසරේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා ලෙස වසර 14ක් සේවය කළ ශ්‍රීමත් රොනී ෆ්ලැනගන් සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමත් සමඟ සුමති ධර්මවර්ධන මහතා අදාළ තනතුරට පත් කර තිබෙනවා.