අප්‍රිකානු සූකර උණට පැනවූ ගැසට්ටුව ලිහිල් කරයි

අප්‍රිකානු සූකර උණට පැනවූ ගැසට්ටුව ලිහිල් කරයි

අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය හේතුවෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ පනවා තිබූ නීති ලිහිල් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල සඳහන් කළේ, ඒ අනුව නිරෝගී සතුන් ප්‍රවාහන කිරීම සඳහා අවසර ලබා දී ඇති බවත්, ක්ෂේත්‍රයේ පැවැත්මට සහ මෙම සතිය වනවිට ව්‍යාප්තියේ යම් අඩු වීමක් දක්නට ලැබෙන බවත්ය.

නොවැම්බර් 4 වෙනිදා සිට නැවත දැනුම්දෙනතුරු එම ගැසට් පත්‍රය බලාත්මකයි.

නව ගැසට් නිවේදනයට අනුව නිරෝගි ගොවිපොළවල ඇති කරන වෛරසය ආසාධනය නොවූ සතුන් පශු වෛද්‍යවරයෙකුගේ සත්ත්ව සෞඛ්‍ය වාර්තාවක් මත ප්‍රවාහනය කිරීමට හැකියාව පවතින බවයි, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල කියා සිටියේ.

මීට පෙර ඔක්තෝම්බර් 25 දාතමින් මේ සම්බන්ධයෙන් පලමු ගැසට් නිවේදනය නිකුත් කර තිබූ අතර මාස තුනකට වලංගුවන ලෙස ඉකුත් (04) දාතමින් අද නව ගැසට් නිවේදනය නිකුත් කර ඇත.