සුජීව සේනසිංහගේ සුඛෝපබෝගී ජීප් රථයක් වැඩිදුර පරීක්ෂාවට රජයේ රස පරීක්ෂක වෙත

සුජීව සේනසිංහගේ සුඛෝපබෝගී ජීප් රථයක් වැඩිදුර පරීක්ෂාවට රජයේ රස පරීක්ෂක වෙත

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ භාවිතා කළ සුඛෝපබෝගී ජීප් රථයක් එකලස් කළ එකක් බවට සිදු කරන විමර්ශනයට අදාළව වැඩිදුර පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි අද (08) අවසර ලබාදී තිබේ.

ඊට අදාළ ඉල්ලීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කර තිබෙන බව වාර්තා වේ.

මේ අතර මෝටර් රථය රුපියල් මිලියන 100 ආසන්න වටිනාකමකින් යුතු බැවින් එය පොලිස් ආරක්ෂාව යටතේ රජයේ රස පරීක්ෂක වෙත තම රියදුරෙක් ලවා රැගෙනයාමට සුජීව සේනසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මෛත්‍රී ගුණරත්න අධිකරණයෙන් ඉල්ලා ඇති අතර එම ඉල්ලීමටද අධිකරණය අවසර ලබාදෙමින් එය පරීක්ෂා කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නියෝග කර තිබෙන බව වාර්තා වේ.