අතුරුගිරියේදී වෙඩි වැදුණු කේ. සුජීවාගේ නවතම තත්ත්වය

අතුරුගිරියේදී වෙඩි වැදුණු කේ. සුජීවාගේ නවතම තත්ත්වය

අතුරුගිරියේ වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ ප්‍රසිද්ධ ගායන ශිල්පිනි කේ. සූජීවා මේ වනවිට දැඩි සත්කාර ඒ්කකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මහතා පවසයි.

හදිසි අනතුරු අංශයට ඇතුළත් කර තිබූ ඇයගේ ඉනෙන් පහළට තුවාල සිදුව ඇතැයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඇයගේ කකුළේ තුවාලය බරපතළ වුවත් ඇයගේ තත්ත්වය මේ වනවිට ස්ථාවර මට්ටමට පත්ව ඇතැයි ද වෛද්‍යවරයා පැවසීය.

අද (08) උදැසන 10ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණේ, අතුරුගිරිය නගරයේ ඔරලෝසු කනුව ආසන්නයේ රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුරදීය.

වෙඩිතැබීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන 55 හැවිරිදි සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ 38 හැවිරිදි අයෙක් ජීවිතක්ෂයට පත්වුණි.