සුදු සීනි දුඹුරු සීනි කරන ජාවාරමක් වටලයි

සුදු සීනි දුඹුරු සීනි කරන ජාවාරමක් වටලයි

ඉන්දියාවෙන් ආනයනය කරන සුදු සීනිවලට ලංකාවේ නිෂ්පාදිත දුඹුරු සීනි සහ වර්ණක එකතුකර දුඹුරුු සීනි ලෙස සකසන ස්ථානයක් පාරිභෝගික අධිකාරියේ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් ඇඹිලිපිටිය ප්‍රදේශයේදී කළ වැටලීමක දී සොයා ගෙන ඇති බව අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක අසේල බණ්ඩාර මහතා පැවසුවේය.

කාලයක් තිස්සේ මෙම සුදු සීනි දුඹුරුු සීනි බවට පත් කිරීමේ ජාවාරම කරගෙන ගොස් ඇති බවට පාරිභෝගික අධිකාරිය සැකකරයි.

වැටලීම කළ ස්ථානයේ තිබී කිලෝග්‍රෑම් 50 හිස් සීනි ඇසුරුම් 2500ක් ඔවුන් භාරයට ගෙන ඇත. ඒවා කළවම් කළ සීනි වල හිස් කවර යැයි සැකකරයි.

සුදු සීනි සහ දුඹුරුු සීනි කලවම් කිරීමෙන් පසු සීනි වල දුඹුරුුපාට වැඩිකිරීම සඳහා යොදන වාර්ණක ද, ඒවා කළවම් කරන උපකරණ ද පාරිභොගික නිලධාරින්ගේ භාරයට ගෙන ගබඩාව සහිත ගොඩනැගිල්ලට සීල් තැබූ බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.