තැපෑලෙන් පැය 48ක සංකේත වැඩ වර්ජනයක්

තැපෑලෙන් පැය 48ක සංකේත වැඩ වර්ජනයක්

තැපැල් සේවකයින් හෙට (08) සහ අනිද්දා (09) පැය 48ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසයි.

එම සංකේත වර්ජනය මධ්‍යම තැපැල් හුවමාරුවේ අද (07) සවස 04 සිට ආරම්භ කිරීමට තීරණය කළ බවයි, මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ.

එමෙන්ම අනෙකුත් සියලුම තැපැල් කාර්යාල වල අද (07) මධ්‍යම රාත්‍රියේ සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අරම්භ කරන බවද චින්තක බණ්ඩාර මහතා පැවසීය.

ඉල්ලීම් තුනක් මුල්කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.