විරෝධතාකරුවන් පිරිසකට ජල ප්‍රහාරයක්

විරෝධතාකරුවන් පිරිසකට ජල ප්‍රහාරයක්

රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය පවත්වන විරෝධතාවට පොලිසිය ජල ප්‍රහාරයක් එල්ල කළේය.

උපාධිධාරීන් පැය දෙකකට අධික කාලයක් එම ස්ථානයේ විරෝධතාවයේ නිරත වූ අතර මාර්ග අවහිරවී ඇතැයි පවසමින් පොලිසිය මෙම ජල ප්‍රහාරය එල්ල කළේය.

එම ජල ප්‍රහාරයත් සමඟ විරෝධතාකරුවෝ මාර්ගයේ අනෙක් පසට වී විරෝධතාවය ක්‍රියාත්මක කළහ.

මේ අතර රාජ්‍ය සේවා විශ්‍රාමික සමිති ඒකාබද්ධ ජාතික සංවිධානය සහ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය ද බත්තරමුල්ල පොල්දූව හංදියේදී අද (18) විරෝධතාවක් පැවැත්වීය.

විශ්‍රාමික රාජ්‍ය නිලධාරිහූ පැය දෙකකට ආසන්න කාලයක් එම ස්ථානයේ විරෝධතාවයේ නිරතව සිට විසිර ගියහ.