කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට නාඳුනන මළ සිරුරක්

කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට නාඳුනන මළ සිරුරක්

කොළඹ – කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මාර්ගයේ තිබී නාඳුනන පුද්ගලයකුගේ මළ සිරුරක් හමුව තිබේ.

ඊයේ (15) රාත්‍රී කාලයේ කොටුව පොලීසියට ලද තොරතුරක් මත මෙම මළ සිරුර සොයාගත් බවයි, පොලිසිය සඳහන් කළේ.

මියගොස් සිටි පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර, ඔහු වයස අවුරුදු 60ත් 65ක් පමණ වන උස අඩි 05යි අඟල් 04ක් වන තළෙළු, කෙට්ටු සිරුරකින් යුත් පිරිමි පුද්ගලයෙක් බව පොලීසිය පවසයි.

මෙම පිරිමි පුද්ගලයා අවසන් වරට අත්කොට කමිසයක් සහ රතු පැහැති සරමක් හැඳ සිටින බව පොලීසිය සඳහන් කළේය.

මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණය සිදුකර මේ වනවිට කොළඹ ජාතික රෝහලේ තැන්පත්කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.