මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

ලෙබනනය ඇතුළු මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති තත්ත්වයත් සමග ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කළේ, අදාළ රටවල දූත මණ්ඩල හරහා ලාංකිකයින්ට අවශ්‍ය උපදෙස් නිතිපතා ලබාදෙන බවයි.

එම උපදෙස් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය මැදපෙරදිග සිටින ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කර සිටි.

එමෙන්ම, මැදපෙරදිග කලාපයේ සිටින ලාංකිකයින්ගේ ඥාතීන්ට ඕනෑම හදිසි අවස්ථාවකදී තොරතුරු ලබාගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය හා සම්බන්ධ විය හැකි බව ද අදාල නිවේදනයේ සඳහන්.

ඒ අනුව, 011,23388 12 සහ 011, 7711194 යන දුරකතන අංක ඔස්සේ අදාළ තොරතුරු ලබාගත හැකි වනු ඇත.