පළමු විස්සයි 20 තරගයේ ජය ලංකාවට

පළමු විස්සයි 20 තරගයේ ජය ලංකාවට

අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහි පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුලු 07ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය.

ඊයේ (11) ඩබ්ලින් හිදී පැවති දෙරට අතර තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව අයර්ලන්ත කණ්ඩායමට ලබා දුන්නේය.

ඒ අනුව, ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 06ක් දැවී ලකුණු 145ක් ලබා ගැනීමට සමත් වුණි.

අනතුරුව ලකුණු 146ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 16 පන්දු 04ක් අවසානයේ දී කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 149ක් ලබා ගනිමින් සිය ජයග්‍රහණය වාර්තා කළේය.

එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරතවූ හර්ෂිතා සමරවික්‍රම පන්දු 45කදී නොදැවී ලකුණු 86ක් ලබා ගැනීමට සමත් වුණි.

දෙරට අතර දෙවන විස්සයි 20 ක්‍රිකට් තරගය හෙට (13) පැවැත්වීමට නියමිතයි.