දින අටකට ගිය ගගනගාමීන් දෙදෙනෙක් අභ්‍යවකාශයේ සිරවෙයි

දින අටකට ගිය ගගනගාමීන් දෙදෙනෙක් අභ්‍යවකාශයේ සිරවෙයි

අභ්‍යවකාශයේ සිරවී සිටි ගගනගාමීන් දෙදෙනෙක් ස්පේස් එක්ස් යානයෙන් 2025 පෙබරවාරි මාසයේදී නැවත පෘථිවියට පැමිණෙන බවට නාසා ආයතනය පවසා තිබෙනවා.

ඔවුන් පියාසර කළ බෝයින් යානයේ ඇති වූ දෝෂයක් මත මාස දෙකකට අධික කාලයක් ඔවුන්ට එම යානයේ සිරවී සිටීමට සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඒ අනුව ඔවුන් රැගෙන ඒම සඳහා නාසා ආයතනය විසින් ස්පේස් එක්ස් යානය සැප්තැම්බර් මස අවසානයේදී අභ්‍යවකාශ ගත කිරීමට නියමිතයි.

බෝයින් යානය පසුගිය ජුනි මාසයේදී බුච් විල්මෝර් සහ සුනී විලියම්ස් සමඟ දින අටක මෙහෙයුමක් සඳහා අභ්‍යවකාශ ගත කර තිබෙනවා.

එම යානය අභ්‍යවකාශ ගත කර පළමු පැය 24 තුළ හීලියම් කාන්දුවීම් කිහිපයක් මතු වූ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අභ්‍යවකාශයේ සිරවී සිටින බුච් විල්මෝර් සහ සුනී විලියම්ස් වෙනත් යානයකින් පෘථිවියට ගෙන්වා ගැනීමට මෙන්ම බෝයින් යානය කාර්ය මණ්ඩලයක් නොමැතිව නැවත පෘථිවියට ගෙන්වා ගැනීමට නසා ආයතනය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

නසා ආයතනය විසින් බෝයින් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරිවරයා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.