රජරට සරසවියෙන් පෙරුම්කායන් මිශ්‍ර ඖෂධීය සබන් කැටයක්

රජරට සරසවියෙන් පෙරුම්කායන් මිශ්‍ර ඖෂධීය සබන් කැටයක්

අනෙකුත් සබන් වලට වඩා ගුණාත්මක භාවයෙන් ඉහළ බව පැවසෙන පෙරුම්කායන් මිශ්‍ර සබන් කැටයක් රජරට විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර සම්බන්ධීකරණ කාර්යාලය විසින් එම විශ්ව විද්‍යාලයේ සනාතන සභා ශ්‍රවණාගාරයේදී පසුගියදා එළි දක්වනු ලැබීය.

සැබෑම පෙරුම් ශාක සාරයෙන් යුතුව ටී.එෆ්.එම් අගය සියයට 76 ක සියයට 80 ක අගයක් පවතින ආකාරයෙන් මෙම නිෂ්පාදනය සිදුකළ බව රජරට විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමේ ආචාර්ය ආශා විජයගුණවර්ධන මහත්මිය සබන් කැටය හඳුන්වාදීමේ අවස්ථාවේදී පැවසුවාය.

සමේ වියළිභාවය අවශ්‍ය පමණට රැකෙන පරිදි මෙම නිෂ්පාදනය සිදු කළ බවද ඇය පැවසුවාය.

ව්‍යාපාර සම්බන්ධීකරණ ඒකකයේ ආරම්භක අධ්‍යක්ෂකවරිය වූ මහාචාර්ය සංජීවනී ගිනිගද්දර මහත්මිය විශ්වවිද්‍යාල උපකුලපතිවරිය ලෙස පත්වීමෙන් පසුව මේ සඳහා අවශ්‍ය නායකත්වය ලබා දී ඇත.

මේ සදහා යන නිෂ්පාදන වියදම එල්.බී කාංගර ඖෂධාලය සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රදීප් බණ්ඩාර කාංගර මහතා දැරෑ අතර නිෂ්පාදනය කළ මුල්ම සබන් කැටය උප කුලපතිනි මහාචාර්ය සංජීවනය ගිනිගද්දර මහත්මියට මුලින්ම පිරිනැමුවාය.

මේ අවස්ථාවේදී අදහස් දැක්වූ උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පී.බී දිසානායක මහතා සඳහන් කළේ ආයුර්වේද නිෂ්පාදන සඳහා ඉහළ ඉල්ලුමක් ඇති ජාත්‍යන්තර වෙළඳපොළ ජයගැනීමට උතුරු මැද ව්‍යාපාරිකයන්ට මෙය කදිම අවස්ථාවක් වන බවයි.

මෙහිදී අදහස් දැක්වූ රට රජරට විශ්ව විද්‍යාලයේ උපකුල පතිනි මහාචාර්ය සංජීවනී ගිනිගත්දර මහත්මිය සඳහන් කළේ ඉදිරියේදී මෙවැනි නිෂ්පාදන ගණනාවක්ම වෙ⁣ළෙඳපොළට නිකුත් කිරීමට රජරට විශ්ව විද්‍යාලය බලාපොරොත්තුවන බවයි.