පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ප්‍රකාශ කරන දිනය කියයි

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ප්‍රකාශ කරන දිනය කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා එළැඹෙන 7 වැනිදා ප්‍රකාශයට පත්කරන බව එම පෙරමුණේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බවද එම ප්‍රකාශකයා පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයින්ගේ හමුවක් ද අද (01) කොළඹ නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යලයේදී පැවැත්විණ.

එහිදි ඉදිරි ජනාධිපතිවරණය සදහා පළාත් පාලන නියෝජිතයින් දායක කරගන්නා ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි, වාර්තා වන්නේ.