මහනුවර සජබ රැස්වීමේ අකරතැබ්බයක් – පොලීසියේ 6ක් රෝහලට

මහනුවර සජබ රැස්වීමේ අකරතැබ්බයක් – පොලීසියේ 6ක් රෝහලට

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීම වෙනුවෙන් සුදානම් කර තිබූ රැලියක් අතරතුර රතිඤ්ඥා දැල්වීමකින් සිදුවූ අනතුරක් හේතුවෙන් පොලිස් නිලධාරීන් ඇතුළු කිහිපදෙනෙක් තුවාල ලබා තිබේ.

මහනුවර මධ්‍යම වෙළඳපොල ඉදිරිපිට පැවැත්වෙන අදාළ රැස්වීම ආරම්භයට මොහොතකට පෙර ආධාරකරුවන් විසින් රතිඤ්ඤා විශාල ප්‍රමාණයක් දැල්වීම හේතුවෙන් පොලිසියේ හය දෙනකු ඇතුළු අට දෙනකු තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති බවයි, වාර්තා වන්නේ.

රැස්වීමේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරින් හය දෙනාට අමතරව සිවිල් පුද්ගලයන් දෙදෙනකුයි මෙලෙස තුවාළ ලබා ඇත්තේ.

අනතුර සිදුවූ අවස්ථාවේ එම ස්ථානයේ රාජකාරීයේ යෙදී සිටි සෙසු පොලිස් නිලධාරිහු ඉක්මනින් තුවාලකරුවන් රෝහලට යැවීමට පියවර ගෙන තිබේ.

එම රැලිය මේ වනවිටත් මහනුවර පැවැත්වෙමින් තිබේ.