සජබ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­ය අද එළිදැක්වීම අද

සජබ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­ය අද එළිදැක්වීම අද

සමගි ජන සන්ධා­නයේ ජනාධිපති අපේ­ක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහ­තාගේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­ය අද (29) මහ­නු­වර රැජින හෝට­ල­යේදී එළි­දැ­ක්වී­මට නිය­මි­තය.

ප්‍රති­පත්ති ප්‍රකා­ශ­ය සම්පා­ද­න­යට දායක වූ පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, ඉරාන් වික්‍ර­ම­රත්න යන මහ­ත්ව­රුන් ඇතුළු පිරි­සක් මෙම අව­ස්ථා­වට සහ­භාගි වන බව සමගි ජන බල­වේ­ගයේ මහ­නු­වර දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී, විප­ක්ෂයේ ප්‍රධාන සංවි­ධා­යක ලක්ෂ්මන් කිරි­ඇල්ල මහතා පැව­සීය.

සමගි ජන සන්ධා­නයේ ජන­පති අපේ­ක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා විසින් ප්‍රති­පත්ති ප්‍රකා­ශ­ය මෙදින පස්ව­රුවේ මල්වතු අස්ගිරි උභය මහා විහා­රීය මහා­නා­යක ස්වාමී­න්ද්‍ර­යන් වහන්සේ දෙන­මට පිළි­ගැ­න්වී­මට ද සැල­සුම් කර තිබෙන බව කිරි­ඇල්ල මහතා කීය.