මිදිගමත් වෙඩි තැබීමක් – අයෙක් මරුට දෙදෙනෙකුට තුවාල

මිදිගමත් වෙඩි තැබීමක් – අයෙක් මරුට දෙදෙනෙකුට තුවාල

අද (19) උදෑසන මිදිගම පොලිස් වසමේ ගොවියාපාන ප්‍රදේශයේ මාළු වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ, 38 හැවිරිදි කැලුම් චතුරංග නැමති මාළු වෙළෙන්ඳෙකි.

මෙම ඝාතනය විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ ක්‍රියාවක් බවට දැනට සිදුකරන ලද විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

මාළු ලබාගැනීමට පැමිණි තවත් පුද්ගලයින් දෙදෙනෙකුද වෙඩි වැදි තුවාල ලබා ප්‍රතිකාර සඳහා මාතර මහ⁣රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

එලෙස වෙඩි වැදී ඇත්තේ, 38 හැවිරිදි සහ 72 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකුටය.

වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ, 2022.08.04 වන දින අහංගම පොලිස් වසමේ ගොවියාපාන සයුරුමා හෝටලයේදී වෙඩි තබා ඝාතනය කරන ලද විජේසේකර ගමාච්ච්ගේ අමිල සඳරුවන් යන අයගේ සහෝදරයා බව පොලීසිය පවසයි.

මේ සම්බන්ධයෙන් මිදිගම පොලිස් ස්ථානය මඟින් පරික්ෂණ කටයුතු සිදුකරනු ලබයි.