වෙඩි ප්‍රහාරයකින් තේ වතු හිමියෙකු ජීවිතක්ෂයට

වෙඩි ප්‍රහාරයකින් තේ වතු හිමියෙකු ජීවිතක්ෂයට

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් තේ වතු හිමියෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

මෙම වෙඩිතැබීම සිදුකර ඇත්තේ කෑල්ල රක්වාන පාරේ කොලොන්න ප්‍රදේශයේදී ය.

මෙලෙස මියගොස් ඇත්තේ 61 හැවිරිදි අප්ටන් වත්ත – උල්ලිඳුවාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු සහ බිරිඳ නිවසේ සිටියදී නිවසට පැමිණි වෙඩික්කරුවන් බිරිඳගෙන් මරණකරු නිවසේ සිටින්නේ දැයි විමසූ විට ඝාතනයට ලක් වූ තැනැත්තා එළියට පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේදීයි මෙම වෙඩි තැබීමට ඔහු ව ලක් ව ඇත්තේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදු කිරීමට ඇඹිලිපිටිය රෝහලේ මෘත ශරීරාගාරයට යොමු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.