ගෑන්ඩ්පාස් වෙඩි තැබීමෙන් තවත් අයෙක් මරුට

ගෑන්ඩ්පාස් වෙඩි තැබීමෙන් තවත් අයෙක් මරුට

ගෑන්ඩ්පාස් වදුල්ලවත්ත පුරදර සෙවණ මාල් නිවාස සංකීර්ණය ඉදිරිපිට තීරෝද රථයක් ඉලක්ක කර සිදුකල වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා කොළඹ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවද ඊයේ රාත්‍රී මිය ගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි

එලෙස මියගොස් ඇත්තේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි පනස් හය හැවිරිදි කාන්තාවකි

ඊයේ රාත්‍රියේ සිද්ධිය වූ අවස්ථාවේදීම මාතර කඹුරුගමුවේ ප්‍රදේශයේ පදිංචිව සිටි කේ රන්මුතු දර්ශන නමැති 31 හැවිරිදි පුද්ගලයෙකු මියගියේය

මියගිය කාන්තාව හා ඥාති පුත්‍රයා සමග තීරෝද රථයෙන් බේස් ලයින් මාර්ගයේ සිට වදුල්ලවත්ත ප්‍රදේශය කරා යමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි පොලිසිය සඳහන් කරයි

වෙඩි ප්‍රහාරය රිවොල්වර වර්ගයේ ගිනි අවිය කින් සිදුකර ඇති බවත් පොලිස් නිලධාරියකු පැවසීය

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලිසියට ඔත්තු ලබාදීමක් සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත මෙම වෙඩි ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය ඝාතනය සිදුකළ සැකකරුවන් සහ ගිනි අවිය සම්බන්ධය මේ වන තෙක් තොරතුරු අනාවරණයේ නැතැයිද පොලිසිය සඳහන් කරයි

ගෑන්ඩ්පාස් පොලිසිය සහ කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි