ෂාරුක් ඛාන්ගේ රුව සහිත රන් කාසියක්

ෂාරුක් ඛාන්ගේ රුව සහිත රන් කාසියක්

පැරීසියේ ග්‍රේවින් කෞතුකාගාරය විසින් බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන්ට විශේෂයෙන් නිර්මාණය කරන ලද රන් කාසියක් පිරිනමා ඔහුට ගෞරව කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ග්‍රේවින් කෞතුකාගාරයේ රන් කාසි ගෞරවය ලැබූ පළමු බොලිවුඩ් නළුවා බවට ෂාරුක් ඛාන් පත් වේ.

පැරිසියේ ග්‍රෙවින් කෞතුකාගාරය යනු සයින් ගඟේ දකුණු ඉවුරේ ග්‍රෑන්ඩ්ස් බුල්වාර්ඩ්ස් හි පිහිටි ඉටි කෞතුකාගාරයකි.

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, චෙක් ජනරජය, තායිලන්තය, ඉන්දියාව, සිංගප්පූරුව සහ ඕස්ට්‍රේලියාව යන රටවල ඔහුගේ රුව ඉටිවලින් අඹා ඔහුට ගෞරවය පුද දී ඇති බවයි වාර්තා වන්නේ.