තරුණ තරුණියන් අතර ලිංගාශ්‍රිත රෝග වාර්තා වීම ඉහළට

තරුණ තරුණියන් අතර ලිංගාශ්‍රිත රෝග වාර්තා වීම ඉහළට

සෑම වසරකදීම ඊට පෙර වසරට සාපේක්ෂව වාර්තා වන ලිංගාශ්‍රිත රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කරන බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පෙන්වා දෙයි.

ඉකුත් 2022 වසරේ සොයා ගත් රෝගීන්ගේ සංඛ්‍යාව 604ක් වූ අතර ඉකුත් 2023 වන විට එම සංඛ්‍යාව 690 වී ඇත.

එය සියයට පහළොවක වැඩිවීමේ ප්‍රතිශතයක් බව ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනෙහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ජානක වේරගොඩ පැවැසීය.

විශේෂයෙන්ම තරුණ පිරිස් අතර මෙම රෝග බහුලව ව්‍යාප්ත වන බවක් දක්නට ඇති බවත්, වාර්තා වන රෝගීන් වැඩි පිරිස අවුරුදු 29 ට අඩු බවත් , වෛද්‍යවරයා පවසීය.

අනාරක්ෂිත ලිංගික හැසිරීම් වලදී උපත් පාලන කොපු භාවිත කිරීමට ඔවුන් දක්වන මැළිකම මෙවැනි රෝගීන් වැඩි වීමට හේතු වී ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

ඇතැම් පිරිස් මත්ද්‍රව්‍ය භාවිත කරමින්, කණ්ඩායම් වශයෙන් ලිංගික හැසිරීම්වල යෙදීමේ වැඩි නැඹුරුවක් ඇති බවත්, එවන් අවස්ථාවලදී උපත් පාලන කොපු භාවිත කිරීමක් නොවන නිසා ලිංගාශ්‍රිත රෝග වැඩිවශයෙන් බෝ විය හැකි බවත්, විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.

Share This