සෙනසුරු ග්‍රහයා අද මධ්‍යම රාත්‍රියේ සඳට මුවාවෙයි

සෙනසුරු ග්‍රහයා අද මධ්‍යම රාත්‍රියේ සඳට මුවාවෙයි

සෞරග්‍රහ මණ්ඩලයේ වළලුවලින් සමන්විත ලස්සනම ග්‍රහලෝකය ලෙස සැලකෙන සෙනසුරු ග්‍රහයා චන්ද්‍රයාගෙන් මුවාවීමේ විරල සංසිද්ධියක් අද (24) මධ්‍යම රාත්‍රියේ සිදුවේ.

එය මධ්‍යම රාත්‍රිය පසුවී, මිනිත්තු 50 කට පසුව ආරම්භ වනු ඇති බවත්, අලුයම 2.10 තෙක් මෙය ශ්‍රී ලංකාවට දැක ගැනීමට හැකිවනු ඇති බවත්, ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඒ වෙනුවෙන් ආතර් සී ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා නිරීක්ෂණාගාරය සහ දුරේක්ෂය අද රාත්‍රී 11.00 සිට ජනතාවට විවෘතව පවතී.

මෙය එක්තරා ආකාරයක “සෙනසුරු ග්‍රහණයක්” වැනිය. මෙම සංසිද්ධිය ඉතාමත් විරල බව තාරකා විද්‍යාඥයා් පැහැදිලි කරති.

චන්ද්‍රයාගෙන් මුවාවූ සෙනසුරු ග්‍රහයා නැවත දිස්වීමට පටන් ගන්නේ අලුයම 2.20 ටයි.

මෙම සිදුවීම නිවසේ සිට පියවි ඇසින් හෝ දුරේක්ෂයක් භාවිතයෙන්ද දැකගත හැකි බවයි, ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.