තෙවැනි පාසල් වාරය ඇරඹීම ගැන දැනුම් දීමක්

තෙවැනි පාසල් වාරය ඇරඹීම ගැන දැනුම් දීමක්

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් වල සිංහල හා දෙමළ පාසල් සඳහා 2024 වර්ෂයේ තෙවැනි පාසල් වාරය එළඹෙන 26 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

තුන්වැනි පාසල් වාරය අදියර දෙකකට ක්‍රියාත්මක වන අතර තෙවැනි වාරයේ පළමු අදියර මේ මස 26 වැනිදා ආරම්භ කර නොවැම්බර් 22 වැනිදා අවසන් කෙරේ.

ඉන්පසුව තෙවැනි වාරයේ දෙවැනි අදියර ආරම්භ කිරීමට නියමිතයි.

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් වල සිංහල හා දෙමළ පාසල් සඳහා 2024 වර්ෂයේ දෙවැනි පාසල් වාරය ඊයේ (16) අවසන් කෙරිණි.