පාසල් ළමුන් ප්‍රවාහනය කරන පුද්ගලික බස් සහ වෑන් රථ 12 ක් ධාවනයෙන් ඉවතට

පාසල් ළමුන් ප්‍රවාහනය කරන පුද්ගලික බස් සහ වෑන් රථ 12 ක් ධාවනයෙන් ඉවතට

හැටන් ප්‍රදේශයේ රජයේ සහ පෞද්ගලික පාසල් වලට ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ 12 ක් ධාවනයෙන් ඉවත් කිරිමට නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මොටර් රථ පරික්ෂක දමින්ද සේනාරත්න මහතා (21) දින කටයුතු කළහ.

මස්කෙලිය, සාමිමලේ, බගවන්තලාව, නෝටන්බ්‍රිජ්, තලවකැලේ, කොටගල ඇතුළු ප්‍රදේශ රැසක සිට දිනපතා පාසල් ළමුන් ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථ සහ වෑන් රථ 30 ක පවතින අඩුපාඩුකම් සොයා බැලිමට හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මොටර් රථ පරික්ෂකවරයාගේ පරික්ෂාවට යොමු කෙරිණ.

එම වාහන සම්බන්ධයෙන් දැඩි පරික්ෂාවක් සිදු කල මොටර් රථ පරික්ෂකවරයා වාහන 12 ක පවතින අඩුපාඩුකම් සපුරා ගැනිමට දින 14 ක කාලයක් ඔවුන් වෙත ලබාදුන් අතර, එම වාහන වල පවතින අඩුපාඩුකම් සපුරා යළිත් මොටර් රථ පරික්ෂකවරයාගේ පරික්ෂාවට යොමු කරන තෙක් එම වාහන ධාවනයෙන් ඉවත් කර එම වාහන වල අදායම් බලපත්‍රය මොටර් රථ පරික්ෂකවරයාගේ භාරයට ගැණින.

එම වාහනවල පවතින අඩුපාඩුකම් සම්බන්ධයෙන් එම වාහන වල ගමන් ගන්නා පාසල් සිසු සිසුවියන්ගේ දෙමව්පියන් විසින් හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින්ට කල දැනුම් දිමක් මත හැටන් පොලිසියේ නිලධාරින් විසින් හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි ප්‍රදිප් විරසේකර සහ හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන යන මහතුන්ගේ අධික්ෂණය යටතේ මෙම වාහන පරික්ෂාව සිදු කල බවයි රථ වාහන අංශයේ ස්ථානාධිපති උපොප චිරාජ් කුලසුරිය මහතා කියා සිටියේ.