හෙට පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

හෙට පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

හෙට (09) දිනයේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව හෙට (09) දිනයේ දී සාමාන්‍ය පරිදි රජයේ සියලු‍‍ම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මේ අතර හෙට (09) දිනයේ දී සියලු ගුරු විදුහල්පතිවරුන් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් පවසයි.