පාසල්ට දරුවන්ට රජයෙන් සහනයක්

පාසල්ට දරුවන්ට රජයෙන් සහනයක්

ලබන වසරේ සිට පාසල් දරුවන්ට පොත් මිල දී ගැනීම සඳහා සහනයක් ලබාදීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

එය ජනාධිපතිවරයාගේ අනුමැතිය අනුව ලබාදීමට නියමිත බව ද අද (08) උදෑසන අතුරුගිරියේ පැවති ජන හමුවකට සහභාගී වෙමින් ඇය සඳහන් කළාය.

අනුර සහෝදරයා ජනාධිපති කරමින් ඔබ පැතූ පොහොසත් රට නිර්මාණය කිරීම සඳහා හොඳ කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පත්කරගන්නා ලෙසද ඉල්ලා සිටින බව ඇගමැතිනිය එහිදී වැඩිදුරටත් කියා සිටියාය.