නව ලෝක වාර්තාවක් සමඟ සමිත දුලාන් පැරාලිම්පික් රිදී පදක්කම දිනයි

නව ලෝක වාර්තාවක් සමඟ සමිත දුලාන් පැරාලිම්පික් රිදී පදක්කම දිනයි

2024 පැරිස් “පැරාලිම්පික්” ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ (F64) ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් කොඩිතුවක්කු සමත් විය.

සමිත විසින් සිය ඉසව්ව ආරම්භ කරමින් මීටර් 63.14 ක දුරක් හෙල්ල විසි කිරීමට සමත් විය.

ඉසව්වේ සිව්වැනි උත්සාහය දක්වා සමිත තරගකරුවන් අතරේ තෙවැනි ස්ථානයේ රැඳෙමින් මීටර් 63 සීමාවේ රැඳී සිටි අතර, ඔහු එම සීමාව තරණය කිරීමට සිය පස් වැනි උත්සාහයේ දී සමත් වුණි.

F64 කාණ්ඩයේ මීට පෙර පැවති ලෝක වාර්තාව වූ මීටර් 66.49ක දුර ද සමිත විසින් මෙම වසරේ දී ම වාර්තා කළ එකක් වූ අතර, ඔහු සිය පස් වැනි උත්සාහයේ දී මීටර් 67.03ක දුරක් හෙල්ල විසි කරමින් එම ලෝක වාර්තාව බිඳ හෙළීමට සමත් වුණි.

ශ්‍රී ලංකාව 2024 පැරිස් පැරාලිම්පික් උලෙළේදී දිනූ පළමු පදක්කම ද මෙයයි