සමෘද්ධියේ කොටසක සහාය සජිත්ට

සමෘද්ධියේ කොටසක සහාය සජිත්ට

සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමය එළැඹෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පළ කිරීමට තීරණය කළ බව එම සංගමයේ සභාපති කිත්සිරි ගමගේ මහතා ඊයේ (27) දින මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසීය.

ඒ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා සහ තම සංගමය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීම හෙට (29) දින කොළඹ දී සිදු කිරීමට නියමිත බව ද ඒ මහතා පැවැසීය.

තම සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාරච්චි මහතා කටයුතු කරන බවත් ඒ මහතාගේ දේශපාලන තීන්දුවත් තම සංගමයේ තීරණයට හානියක් නොවන ආකාරයෙන් ගනු ඇති බවත් තම සංගමය විශ්වාස කරන බවත් කිත්සිරි ගමගේ මහතා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.