හිරුණිකා බලන්න සජිත් වැලිකඩ ගිහින්

හිරුණිකා බලන්න සජිත් වැලිකඩ ගිහින්

සිරගතව සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ සුවදුක් බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් තිබේ.

එහිදී විපක්ෂනායකවරයා වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සහ ඉදිරි නීතිමය කටයුතු සම්බන්ධයෙන් දීර්ඝව ඇය සමග සාකච්ඡා කොට ඇති බව පැවසේ.‍

එමෙන්ම සජබ කාන්තා සංවිධානයේ ඉදිරි කටයුතු ද විපක්ෂනායකවරයා ඇය සමග සාකච්ඡා කොට ඇති බව දැනගන්නට තිබේ.

මේ වනවිට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සාමාන්‍ය වාට්ටුවක රදවා සිටී.

Share This