වෛද්‍ය සාෆිට එරෙහි නඩුව නිෂ්ප්‍රභ කරයි
වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆි මහතාට එරෙහිව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව නිෂ්ප්‍රභ කිරීමට කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා අද (06) නියෝග කළේය.
වෛද්‍යවරයාට එරෙහිව ගොණු කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය අසමත් වීම සැලකිල්ලට ගෙන නීතිපතිවරයාගේ උපදෙස් මත ඔහුව නිදහස් කරන බවයි, මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ.
මෙහිදී වෛද්‍ය සාෆිට එරෙහිව පනවා තිබු විදෙස් ගමන් තහනම ද මහෙස්ත්‍රාත්වරයා විසින් ඉවත්කර තිබේ.
මව්වරුන් හාරදහසක පමණ පිරිසකට වඳ සැත්කම් කරන ලදැයි චෝදනා මත වෛද්‍ය ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆිට එරෙහිව එම නඩුව ගොනුකර තිබුණි.
එම සිද්ධියට අදාළව 2019 මැයි මස 24 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වෛද්‍ය සාෆි අත්අඩංගුවට ගනු ලැබීය.