සචිත්‍රගේ ගෙදරට හොරු පැනලා

සචිත්‍රගේ ගෙදරට හොරු පැනලා

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතාගේ පන්නිපිටිය කලල්ගොඩ ග්‍රාමෝදය මාවතේ නිවසට ඇතුළු වූ සොරුන් දේපළ රැසක් සොරාගෙන තිබෙන බව තලංගම පොලිසිය පවසනවා.

සොරාගෙන ගිය දේපළ අතර වටිනා අත් ඔරලෝසු , ලැප්ටොප් වර්ගයේ පරිගණක, ටැබ් යන්ත්‍ර , රන් භාණ්ඩ සහ මුදල් වන බව පොලිසිය සඳහන් කරනවා.

නිවසට ඇතුළු වූ සොරුන් ආරක්ෂිත කැමරා පද්ධතියේ ගබඩා පද්ධතියද රැගෙන ගොස් ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබුණා.

සචිත්‍ර සේනානායක මහතා ඇතුළු පවුලේ අය අවශ්‍යතාවයක් සඳහා නිවසින් පිටව ගිය අවස්ථාවේදී නිවසේ පහත මාලයේ ජනේලයක් බිඳ ඇතුළු වී නිදන කාමරයේ අල්මාරියක් කඩා එහි තිබූ දේපළ සොරාගෙන ගොස් තිබෙන බව පොලිසිය පවසනවා.

සචිත්‍ර ඇතුළු පවුලේ අය පසුදින රාත්‍රියේ යළි නිවසට පැමිණෙන අවස්ථාවේ දල්වා ගිය විදුලිය විසන්ධි කර තිබු බවත් ඉදිරිපස දොරද විවෘත කර තිබු බව පැවසෙනවා.

Share This