රබර් වගාවට රුපියල් 4000 ක පොහොර සහනාධාරයක්

රබර් වගාවට රුපියල් 4000 ක පොහොර සහනාධාරයක්

රබර් වගාව සඳහා යොදන කිලෝ ග්‍රෑම් 50ක පොහොර මල්ලක් රුපියල් 9,500 සිට රුපියල් 5,500ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා රාජ්‍ය පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතාට උපදෙස් දී තිබේ.

ඒ අනුව, එම පොහොර සහනාධාරය මෙම සතියේ සිටම ලබා දීමට පියවර ගෙන ඇතැයි එම අමාත්‍යාංශය පැවසීය.

රබර් වගාවෙන් ලබන අස්වැන්න වැඩි කිරීම සඳහා මෙම පොහොර සහනාධාරය ලබා දීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙරට රබර් වගාවට වසර ගණනාවකින් පොහොර යෙදවීම සිදුකර නොමැති බවට ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය පෙන්වා දී තිබේ.

ඒ අනුව, වාර්ෂික රබර් කිරි අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂයේ සිට මෙට්‍රික් ටොන් 65,000 දක්වා අවම වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පැවසීය.