රිෂාඩ් බදියුදීන් ගමන් ගත් මෝටර් රථය අනතුරක

රිෂාඩ් බදියුදීන් ගමන් ගත් මෝටර් රථය අනතුරක

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ගමන් ගත් සුඛෝපභෝගි ජීප් රථය අද (13) දහවල් කරුවලගස්වැව ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබේ.

මාර්ගය අයිනේ සිටි යතුරු පැදිකරුවෙකු එක්වරම මාර්ගය හරහා යාමට උත්සාහ කිරීමේදී ඔහුව හිටපු අමාත්‍යවරයා ගමන් ගත් ජීප් රථයේ ගැටීම වළක්වා ගැනීමට උත්සාහ කිරීමේදී ජීප් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුවී ඇත.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයා ඔහුගේ ආරක්ෂකයින් සමග මන්නාරම සිට පුත්තලම බලා එමින් සිටියදී කරුවලගස්වැව ඉන්ධන හල ඉදිරීපිටදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.

අනතුරින් මන්ත්‍රිවරයාට හෝ එම වාහනයේ ගමන් ගත් කිසිවකුටත් අනතුරක් සිදුව නැති බවත් යතුරුපැදි කරුට සුළු තුවාල සිදුව ඇති බවත් පොලිසිය පවසයි.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයා ගමන් ගත් වාහනය රියදුරුට පාලනය කර ගැනිමට නොහැකි වී මාර්ගයෙන් ඉවතට පැන අසල කානුවක ගැටී නැවති ඇති බව පොලිසිය කියයි.

අනතුර හේතුවෙන් තුවාල ලැබු යතුරුපැදිකරු පුත්තලම මුලික රෝහලට යැවීමට කරුවලගස්වැව පොලිසිය කටයුතු කර තිබුණි.

කරුවලගස්වැව පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක සුජීව අලවත්ත මහතා ඇතුළු රථවාහන අංශ නිළධාරීන් අනතුර සම්බන්ධව පරික්ෂණ ආරම්භ කර ඇත.