තොල් රතු කරන්න තහනමක්

තොල් රතු කරන්න තහනමක්

උතුරු කොරියා නායක කිම් ජොන් උන් එරට කාන්තාවන්ට රතු තොල් සායම් තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය නීති පනවා ඇතැයි ද පැවැසෙයි.

උතුරු කොරියානු වැසියන් සියලු දෙනා ජීවත් විය යුත්තේ එකිනෙකා අතරේ කැපී නොපෙනෙන ආකාරයටය.

රතු තොල් අලේපන ආකර්ශණය පෙන්නුම් කිරීමක් බැවින්, එය මෙසේ තහනම් කිරීමට නායක කිම් ජොන් උන් පියවර ගෙන ඇති බවයි, වාර්තා වන්නේ.

මෙම නීති උල්ලංඝනය කරන කාන්තාවන්ට දැඩි දඬුවම් විඳීමට සිදුවනු ඇති බවද වාර්තා වේ.

උතුරු කොරියාව තුළ අධික වේශ නිරූපණය පිළිකුල් සහගත වන අතර, එය බටහිර බලපෑමේ සලකුණක් ලෙස ද සැලකෙයි.

Share This