රවී කරුණානායකගේ නිවස ඉදිරිපිට දැඩි පොලිස් ආරක්ෂාවක්

රවී කරුණානායකගේ නිවස ඉදිරිපිට දැඩි පොලිස් ආරක්ෂාවක්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා රවී කරුණානායක මහතාගේ නම ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිසමෙන් ඊයේ (18) ගැසට් නිවේදනයක් නිකුත් කෙරුනා.

ඒ සම්බන්ධයෙන් එම පෙරමුණේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන වජිර අබේවර්ධන ඊයේ (18) මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පත් කිරීම නිත්‍යානුකුල නොමැති බවයි. ඔහු පවසා සිටියේ එය සිය පක්ෂයෙන් නොවිමසා ගත් තීන්දුවක් බවයි.

කෙසේ වෙතත් ඊයේ එම පෙරමුණ නියෝජනය කරන පාර්ශව කිහිපයක්ම රවි කරුණානායක නම පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් විරෝධතා මතු කර සිටියා.

එම විරෝධතා දක්වන පාර්ශවයන් අතර අසාද් සාලි කියා සිටියේ රවි කරුණානායකගේ නිවස වටලා මෙම තීන්දුව යළි හරවා දැමීමට කටයුතු කළ යුතු බවයි.

කෙසේ නමුත් අද දිනයේදී යම් කලබලයක් ඇති වෙයැයි රවි කරුණානායක මහතාගේ නිවස ඉදිරිපිට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව වාර්තා වනවා.