මහජන ආරක්ෂක ලේකම් ධුරය රවී සෙනෙවිරත්නට

මහජන ආරක්ෂක ලේකම් ධුරය රවී සෙනෙවිරත්නට

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා පත්කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ පත් කිරීම සිදුකර ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඒ මහතා බත්තරමුල්ල, සුහුරුපාය, 18 වන මහලේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී රාජකාරි භාර ගත් බවයි.

මෙතෙක් එම අමාත්‍යාංශ ලේකම් ධූරය දැරුවේ වියානි ගුණතිලක මහතා විසිනි.