සම්බාහන ආයතනයකට කඩුවක් රැගෙන ඇවිත් කාන්තාවන් දෙදෙනෙක් සමූහ දුෂණය කරලා

සම්බාහන ආයතනයකට කඩුවක් රැගෙන ඇවිත් කාන්තාවන් දෙදෙනෙක් සමූහ දුෂණය කරලා

කඩුවක් රැගෙන සම්බාහන ආයතනයකට ගිය පුද්ගලයන් 6 දෙනෙකු විසින් එහි කාන්තාවන් දෙදෙනෙකු සමූහ දූෂණයට ලක්කොට තිබෙන බව යක්කල පොලිසිය පවසනවා.

ගම්පහ, බැලුම්මහර ප්‍රදේශයේ සම්බාහන ආයතනයකින් මෙම සිදුවීම වාර්තා වන බවයි පොලිසිය සඳහන් කලේ.

පොලිසිය පැවසුවේ එම සම්බාහන ආයතනයේ කාන්තාවන් පස් දෙනෙකු සිට ඇති අතර සැකකරුවන් ඔවුන් කාමරයක සිරකර ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන, මුදල් ඇතුළු දේපළ කොල්ලකා සම්බාහන ආයතනයේ සිටි කාන්තාවන් දෙදෙනකු පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කර ඇති බවයි.

ගම්පහ දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණගේ උපදෙස් පරිදි යක්කල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.