තම දියණිය මාස හතරක ගැබිණියක් කළ පියා අත්අඩංගුවට

තම දියණිය මාස හතරක ගැබිණියක් කළ පියා අත්අඩංගුවට

තම 23 හැවිරිදි දියණිය මාස හතරක ගැබිණියක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනයේ ඉනුවිල් ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පියෙකු චුන්නාකම් පොලීසිය විසින් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබේ.

මුලින්ම ඇයව බියගන්වා බලහත්කාරයෙන් දූෂණය කර ඇති අතර ඉන් පසුව කාලයක්ම මේ පියා සිය බිරිදට හොරෙන් ඇය සමග අඹු සැමියන් ලෙස ජීවත් වී තිබේ.

හදිසියේම ඇයට වැළදුණු අසනීපයකට ප්‍රතිකාර ලබා ගැනීමට තෙලිප්පලෙයි රෝහලට ගිය අවස්ථාවේදී ඇය මාස හතරක ගැබිණියක් බව වෛද්‍යවරු ප්‍රකාශ කොට තිබේ.

මේ ගැන තොරතුරු විමසීමේදී තරුණිය සියලු විස්තර වෛද්‍යවරුන්ට ප්‍රකාශ කිරීමෙන් පසුව එම වෛද්‍යවරුන් මේ සම්බන්ධයෙන් චුන්නාකම් පොලීසියට පැමිණිලි කර ඇත.

පොලීසිය සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර තරුණිය පූර්ණ වෛද්‍ය වාර්තවක් ලබා ගැනීම සදහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

සැකකටයුතු පියා මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට චුන්නාකම් පොලීසිය පියවර ගෙන ඇත.