ජනපතිට ආශිර්වාද කරන්න සිව් දෙසින් මහසඟ රුවන ජනපති නිල නිවසට

ජනපතිට ආශිර්වාද කරන්න සිව් දෙසින් මහසඟ රුවන ජනපති නිල නිවසට

ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ආශිර්වාද පළ කරමින් ජනාධිපති නිල නිවසට සිවු දෙසින් වැඩමවා වදාළ මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ජායනාවක් පවත්වා තිබිණි.

ඓතිහසික මහනුවර දළදා මාළිගාව ප්‍රමුඛ මල්වතු අස්ගිරි මහා විහාර නියෝජනය කරමින් සහ කතරගම කිරිවෙහෙර, ශ්‍රී පාදස්ථානය, අනුරාධපුර අටමස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ස්වර්ණමාලි චෛත්‍යාරාමය, ලංකාරාමය ඇතුළු විහාරස්ථානයන්හි සහ මරදාන විද්‍යෝදය පරිවෙන ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් ජනාධිපති නිල නිවස වෙත වැඩම කළ නායක ස්වාමින් වහ්නසේලා සෙත් පිරිත් සජ්ජයනා කර ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.

කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක හිමිපාණන් වහන්සේ පිරිස පංචශීලයේ පිහිටවනු ලැබූහ.

ඉන් අනතුරුව මල්වතු මහාවිහාර පාර්ශ්වයේ අනුනායක සාහිත්‍යචක්‍රවරතී ආචාර්ය පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමිපාණන් වහන්සේ කෙටි අනුශාසනාවක් පැවැත්වූහ.

ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමි මල්වතු මහාවිහාර පාර්ශ්වයේ අනුනායක සාහිත්‍යචක්‍රවරති ආචාර්ය පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක හිමි ද අනුශාසනා පැවැත්වූහ.