කුලී ආදායම් බද්දෙන් නිදහස් පිරිස ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

කුලී ආදායම් බද්දෙන් නිදහස් පිරිස ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

පුද්ගලයෙකු සතු පළමු දේපළ යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එසේම මෙම බද්ද සාමාන්‍ය ආදායම් ලබන්නන් වෙත නොව ඉහළ ශුද්ධ ආදයම් ලබන්නන් වෙත පැනවෙන බවයි ජනාධිපතිවරයා අද (18) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කලේ.

පාර්ලිමේන්තුවේදි විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කල ජනපතිවරයා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සමානාත්මතා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අධ්‍යයනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීමට අවශ්‍ය බවද පැවැසීය.