සියදිවි නසා ගැනීම් අතින් ලංකාව තවමත් ඉදිරියෙන්

සියදිවි නසා ගැනීම් අතින් ලංකාව තවමත් ඉදිරියෙන්

ශ්‍රී ලංකාව තවමත් ලෝකයේ අනෙකුත් රට වලට සාපේක්ෂව සියදිවි නසා ගැනීම් අතින් ඉදිරියෙන් සිටින රටක් බව සෞඛ්‍ය හා කර්මානත් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යංශය ලෙස අනෙකුත් අංශ සමඟ සහයෝගීතාවයෙන් මෙම තත්ත්වය යහපත් කර ගැනීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ගයන් ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

සුමිත්‍රයෝ ආයතනය පිහිටුවා වසර 50 ක් පිරීම නිමිත්තෙන් කොළඹ රාමඩා හෝටලයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

1996 – 1997 වර්ෂ වලදී ශ්‍රී ලංකාව ලෝකයේ සියදිවි නසා ගැනීම් වැඩිම රටක් ලෙස පැවතුණු බවත් වර්තමානය වන විට එම තත්වය යහපත් වූවත්, තවමත් රට සතුටුදායක මට්ටමක නොමැති බවත් අමාත්‍යවරයා කීවේය.

සියදිවි නසා ගැනීම සදහා විශේෂයෙන්ම බලපාන හේතු සාධක ගණනාවක් තිබෙන බවත් එම තත්වයන් හඳුනා ගනිමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු තවදුරටත් පැවසීය.