ප්‍රදේශ රැසකට අද පස්වරුවේත් තද වැසි

ප්‍රදේශ රැසකට අද පස්වරුවේත් තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද සවස 2.00න් පසු ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එසේම දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ඊට අමතරව නැගෙනහිර පළාතේත් දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශ වලත් උදෑසන කාලයේදී ද වැසි ඇති වීමේ හැකියාව පවතිනවා.

Share This