ප්‍රදේශ රැසකට අදත් තද වැසි

ප්‍රදේශ රැසකට අදත් තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි කාලගු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලේ..

වයඹ පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැක.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේබටහිරබැවුම්ප්‍රදේශවලත්උතුරු, උතුරුමැදසහවයඹපළාත්වලත්, හම්බන්තොට,මොණරාගලසහත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විටහමනපැ.කි.මී. (40-45)කපමණතදසුළංඇතිවියහැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගු විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.